මොඩර්නා එන්නත් තොගය මහනුවර දිස්ත්‍රික්කයට!

අද මෙරටට ලැබුණු මොඩර්නා එන්නත් තොගය මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ මොඩර්නා එන්නත ඉහළ සාර්ථකත්වයක් පෙන්වන එන්නතක් බවයි. 

එන්නත්කරණය සාර්ථක වන්නේ නම් ඕනැම කොරේානා වෛරස් ප්‍රභේදයක ව්‍යාප්තිය පාලනය කිරිමට හැකි බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ. 

මේ වනවිට මෙරටට ලැබී ඇති සමස්ථ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මේ අතර චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදී ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

Related posts

Leave a Comment