නීති විරෝධී ගස් කැපීම්,වැලිගොඩ දැමීම් සහ පස් කැපීම් ආදී පාරිසරික හානි වලට අදාළව මහජනතාවගෙන් ලැබෙන තොරතුරු අනුව නිරන්තර වැටලීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.
1977 අංකයට ලැබුණු තොරතුරු අනුව ඊයේ (15) දිනයේ මීගලෑව පොලිස් වසමේ වලගම්බාපුර කලන්කුට්ටි ඇළ අසල රක්ෂිතය එළි පෙහෙළි කීරීම සම්බන්ධයෙන් වැටලීමක් සිදු කර ඇත. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
පාරිසරික හානි සිදුකරන්නන් සොයා වැටලීම්
