කලාකරුවන් රන්ජන් එලියට ගන්න එක්වෙද්දී හරීන්ගේ ආදරය ඒ වෙනුවෙන් හරස් වෙයිද?

ඊයේ දිනයේදී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට ඉල්ලමින් කලාකරුවන් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලීමක් කල අතර ඒ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවට කලාකරුවන් පිරිස අදහස් පලකරන ලදී.

මෙම කලාකරුවන්ගේ මාධ්‍ය හමුව සඳහා ජීවන් කුමාරණතුංග මහතාද සහභාගී වූ අතර ඔහුද රන්ජන් රාමනායක මහතා නිදහස් කරගැනීම පිණිස අදහස් පලකරන ලදී. කෙසේ නමුත් අපට අනාවරණය වූ පරිදි ජීවන් කුමාරණතුංග මහතා එසේ රන්ජන් වෙනුවෙන් අදහස් දැක්වුවද ඔහුගේ බිරිඳ වන ෂෙරීන් කුමාරතුංග මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුනේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි….

මේ සම්බන්ධයෙන් NoizeTV කණ්ඩායම කල සොයාබැලීමකදී ෂෙරීන් කුමාරතුංග මහත්මියගේ ෆේස්බුක් සටහන පිටුපස සිටින්නේ වෙන කවුරුත් නොව මල්ෂා කුමාරතුංග මහත්මිය බවට තොරතුරු අනාවරණය වූ අතර මල්ෂා සහ හරීන් අතර ඇති සම්බන්ධය මත එය සිදුවී තිබෙන බවට අනාවරණය වී තිබේ.

මල්ෂා රන්ජන් එලියට එනවාට අකමැති වෙන කුමක් නිසාවත් නොව මීළඟ මැතිවරණයකදී හරීන් ගම්පහ දිස්තික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්වීමට සිටින නිසාය. රන්ජන්හට මැතිවරණයට ඉදිරිපත් නොවන පරිදි පසුබිම සකස්වුවහොත් හරීන්ට දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස ජයග්‍රහණ කරන්නට හැකිවෙතැයි ඔවුන් සිතා සිටින අතර පසුගිය කාලයේ අසභ්‍ය වීඩියෝවක් සමාජ ජාල තුල පළකරමින් ගම්පහ දිස්තික් මන්ත්‍රීවරයකුට මඩ ප්‍රහාරයක් දිටැහැ කිරීම පසුපස ඇත්තේද මේ මැතිවරණ සටනම බව හෙළිදරව් විය.

රන්ජන් එලියට විත් යලි ගම්පහ දේශපාලනයට පැමිණියහොත් ගම්පහින් එක වීමේ හරීන්ගේ සිහිනය බොඳව යනු ඇති අතර එය කෙසේ හෝ වළකාලමින් සිය පෙම්වතා වන හරීන් ජයග්‍රහණය කරවීමේ සිහිනයෙන් පෙලෙන මල්ෂා සිය මවගේ ෆේස්බුක් සටහන පසුපස ක්‍රියාත්මක වී ඇති බවත් සමගි ජන බලවේගයේ නායකත්වය හා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් හා පාඨලී දිය රෙද්දෙන් බෙල්ල කපනා පසුබිමක එම පිල නියෝජනය කරන සෙසු දේශපාලකයින්ද මෙසේ හැසිරීම සැබවින්ම කනගාටුව දනවන කාරණාවකි.

Related posts

Leave a Comment