“දින දෙකට මාත්‍රා මිලියනයක්” – දෙවන දිනටත් දෛනික එන්නත්කරණය මාත්‍රා ලක්ෂ 5 ඉක්මවයි!

දෙවන දිනටත් මෙරට පුද්ගලයින් 500,000 ඉක්මවූ පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුකර තිබේ.

ඒ අනුව 513,820 දෙනෙකු සඳහා ඊයේ (30) දිනයේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලබාදීම සිදුකර ඇති අතර බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඊයේ දිනයේ දී මෙරට පුද්ගලයින් 515,830 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකර ඇති අතර, එය දිනක් තුළ මෙරට ලබාදී ඇති වැඩිම එන්නත් මාත්‍රා ගණන ද වේ.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් අද (31) පස්වරුවේ ජපානයේ සිට මෙරටට ලැබීමට නියමිතය.

මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, ඒ හා සමාන තවත් එන්නත් තොගයක් ලබන සෙනසුරාදා මෙරට ට ලැබීමට නියමිත බවය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමේ දී පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව ද ඔහු පැවසීය.

Related posts

Leave a Comment