අවසන් වසරේ සරසවි සිසුන් 25,000කට මුලින්ම එන්නත!

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිවුවැනි වසරේ අධ්‍යාපනය ලබන සිසුන් 25,000කට මුලින්ම කොවිඩ් මර්දන එන්නත ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජේ‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවැසීය.

මේ ආකාරයට සරසවි පද්ධතියේ අවසන් වසර සිසුන්ට එන්නත ලබාදීමෙන් පසුව සරසවිවල අධ්‍යයන කටයුතු ආරම්භ කර ඉන්පසුව පියවරෙන් පියවර තුන්වැනි, දෙවැනි හා පළමු වසර සිසුන්ටද එන්නත ලබාදී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ඇරැඹීමට සැලසුම් කරමින් සිටින බවද අමරතුංග මහතා සඳහන් කළේය.

මේ වනවිට මෙරටේ වෛද්‍ය පීඨ එකොළහක අධ්‍යාපනය ලබන රෝහල්වල සායනික අධ්‍යයන සඳහා සහභාගි වන තුන්වැනි වසරෙන් ඉහළ සියලු වෛද්‍ය සිසුන්ට එන්නත ලබාදී අවසන් බවද මහාචාර්යවරයා පැවැසීය.

මෙරටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 1,60,000ක් වන බවත් එයින් 42,000ක්ම පළමු වසර සිසුන් බවත් මහාචාර්ය අමරතුංග මහතා තවදුරටත් සඳහන් කළේය.

එමෙන්ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් වයස අවුරුදු 30ට වැඩි සියලුදෙනාට මේ වනවිට එන්නත ලබාදී අවසන් බවද මහාචාර්ය අමරතුංග මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

Leave a Comment