දඹුල්ල ආර්ථිකයේ එළවළු මිල 40%කින් පහළට!

එළවළු තොග විශාල වශයෙන් ලැබීමත් සමඟ පෙරේදා (05) දිනට සාපේක්ෂව ඊයේ (06) දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සියයට 40කින් පමණ පහත වැටී තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඊයේ අලුයම හතරට විවෘත කිරීමත් සමඟ එළවළු තොග ලැබීම සහ අලෙවි වීම ඉහළ යාමත් සමඟ මෙසේ මිල පහත වැටී ඇති බව වෙළෙන්දෝ පවසති.

ආර්ථික මධ්‍යස්ථානයට පලතුරු ලැබීම ද ඉහළ ගොස් ඇති අතර කෙසෙල්, මිදි ඒ අතර වේ. යාපනයේ මිදි තොග විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු බවත් හොඳ තත්ත්වයේ මිදි කිලෝවක මිල රුපියල් 300ක් පමණ වූ බවත් වෙළෙන්දෝ කියති.

මධ්‍යම ප්‍රමාණයේ මිදි කිලෝවක මිල රුපියල් 200ක් පමණ වූ අතර පිටස්තර වෙළෙඳුන් මිදි තොග වශයෙන් මිලදී ගෙන යන ආකාරය ද දක්නට ලැබුණි

Related posts

Leave a Comment