අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවෙලා!

රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍යකරන ඔක්සිජන් ප්‍රමාණය සති කීපයකට උඩදී පැවති තත්වයට  වඩා සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මීට සති කීපයකට පමණ උඩදී රාජ්‍ය රෝහල්වල ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන්ට දිනකට ඔක්සිජන් ටොන් 140ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වු නමුත් මේ වනවිට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයිද රඹුක්වැල්ල මහතා කීය.

සාර්ථක එන්නත්කරණය හේතුවෙන් මේ වනවිට කොවිඩ් වයිරසය පැතිරයාම පාලනයවෙමින් තිබෙන බවද සෞඛ්‍ය ඇමතිවරයා කීවේය.

Related posts

Leave a Comment