ලංකාවේ යසන්ත ගැන ලොව ප්‍රමුඛ ධනවතා වූ AMAZON හිමිකරු කියන කතාව!

ලෝකයේම සපිරි ධනවතා වන AMAZON නිර්මාතෘ විධායක නිලධාරී Jeff Bezos මිට වසර දෙකකට පමණ ඉහතදී පැවැත්වු  සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී සිදුවූ අපුරූ සිදුවීමක් ඔහු විසින් පවසා සිටිනවා . 

ඒ ශ්‍රී ලාංකිකයන් විසින් අප කටත් ආඩම්බරයක් විය හැකි ශ්‍රී ලංකා යන නාමය ලොවට පසක් කිරීමට හැකි වූ මහා බුද්ධිමතෙකු සම්බන්ධ හෙළිදරව්වකි. 

Jeff Bezos ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන සමයේදී ඔහුට විසදාගත නොහැකි ආකාරයේ සමීකරණයක් ඔහුගේ ජීවිතය වෙනස්කල සහ අමතක නොවන සිද්ධිය බවට පත්වූ කතාවයි මෙය සමාජ මාධ්‍ය ඔස්සේ කා අතරත් ජනප්‍රිය වී තිබුණා. ඔහුවෙත ලැබුණු සමීකරණය විසදීමට බොහෝ කාලයක් ගතවුවද තම හොදම මිතුරාගෙන් උදව් ලබාගත්තද ඔහුට විසදන්නට නොහැකිවූ අවස්ථාවේදී එය ශ්‍රී ලංකික මිතුරෙකු  විසින් එය විසදු බව කියන කතා පුවතයි. 

එවකට ප්‍රින්ස්ටන් විශ්ව විදයාලයේ දක්ෂතම ශිෂ්‍යා බවට පත්වූ යසන්ත රාජකරුණානායක එම අදහාගත නොහැකි සමීකරණය ඉතා සුළු වේලාවකදී පිටු තුනක් සම්පුර්ණ කරමින් විසදු බවයි. ඒ මොහොතේ විමතියට පත් වර්තමානයේ ලෝකයේම ධනවතා වූ Jeff Bezos ට අදහාගත නොහැකිව විමතියට පත්ව ඇති අතර තමා එය කෙසේ විසදුවේද යන්න අසා ඇති අතර යසන්ත මහතා විසින් පිළිතුරු දී ඇත්තේ මීට වසර ගණනාවකට ඉහතදී ලද සමීකරණයක් සමග සැසදීමෙන් අවසන් පිළිතුර cosine බවත්ය එය ඇසූ ඔහු සහ මිතුරන් විමතියට පත්ව ඇති අතර ඔහු ඒ පිලිබදව නිහතමානී සතුටකින් යුතුව සම්මුඛ සාකච්චාවට පවසා ඇත.

Related posts

Leave a Comment