සාමය නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ – කටුනායකට ආපු මේල් එක බොරු!

රට තුළ පවත්නා සාමය කඩාකප්පල් කිරීමට කිසි ලෙසකින් ඉඩ නොතබන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කරයි.

රටේ ආරක්ෂාව හා නීතිය ක්‍රියාත්මක කරන ආයතනය සිය රාජකාරි නිසි ලෙස ඉටු කරමින් සිටින බැවින් කටුනායක ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් ලැබී ඇති ව්‍යාජ විද්යුත් පණිවිඩය ගැන ජනතාව කිසිදු කලබලයක් විය යුතු නැතැයි හෙතෙම කියයි.

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන්ට ලැබී ඇති ව්‍යාජ විද්යුත් පණිවිඩය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටියි.

පෞද්ගලික ලාභයක් තකා කොළඹ පෞද්ගලික රෝහලක අත්බෝම්බයක් තැබූ සැකකරුවන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන පොලිසිය විසින් කරන බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

Leave a Comment