ආදායම් අහිමි වූ පෞද්ගලික බස් හිමියන්ට සහන පැකේජයක්!

සංචරණ සීමා පැනවීම හේතුවෙන් ආදායම් අහිමි වූ මෙරට සියලු පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන පැකේජයක් හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ සහන පැකේජයට ටයර්, ලිහිසි තෙල්, ඩීසල්, බැටරි හා අමතර කොටස් පමණක් නොව රක්ෂණය සඳහා යම් වටිනාකමකින් යුත් වවුචර් අඩංගු වන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා කීය.

පළාත් හා අන්තර් පළාත් ලෙස මෙරට බස් රථ 17,000ක් මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවා තිබෙන බවත් එක් බස් හිමියකුට බස් රථ පහක් හයක් තිබෙන බැවින් බස් රථ ප්‍රමාණයට සාපේක්ෂව බස් හිමියන් සංඛ්‍යාව අඩු වුවත් අදාළ සහනය ලබා දෙන්නේ බස් රථ සංඛ්‍යාව සලකා බවත් ඒ මහතා පැවසුවේය.

මහනුවරදී ඊයේ (17) මාධ්‍ය හමුවක් කැඳවමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව බස් හිමියකු සතුව බස් රථ 10ක් තිබේ නම් ඔහුට සහන පැකේජ 10ක් ලැබෙන බවද අමුණුගම මහතා අවධාරණය කළේය.

සංචරණ සීමා පවතින කාල සීමාව තුළ මේ සහන පැකේජය බස් හිමියන් වෙත දීමට පියවර ගන්නා බවත් මේ නිසා ඉදිරියේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ ඔවුන්ට බස් රථ බාධාවකින් තොරව ධාවනයට එක් කළ හැකිවනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

පසුගිය කාලය තුළ සංචරණ සීමා හේතුවෙන් බස් රථ ධාවනය නොකිරීම නිසා රියැදුරන් හා කොන්දොස්තරවරුන් නඩත්තු කිරීම බස් හිමියන් විසින් අදායම් නැතිව වුවත් කර තිබෙන බවද ඒ මහතා කීය.

Related posts

Leave a Comment