අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේ පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට යම් සහන කාලයක් ලබා දීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි. ඒ බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි.
දීර්ඝ කාලයක සිට පවතින මෙම අර්බුදය කිසිදු පාර්ශවයකට ගැටලුවක් නොවන ලෙස විසදීම සඳහා ක්‍රියා කිරීම රජයේ අරමුණ බව ද මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළා.
ඒ සඳහා විශේෂ බලධාරියෙකු සේවයේ පිහිටුවීම පිළිබඳව අවධානය යොමුකරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව ව්‍යවසායකයින්ගේ මූල්‍ය ගැටලුවලට සහන ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය, මහ බැංකුව සහ අදාළ බැංකු සමඟ එක්ව අවසන් තීන්දුවකට එළැඹෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දුන්නේ.
ණය ගෙවීම සඳහා සහන කාලයක් – අගමැතිගෙන් බැංකු ප්‍රධානීන්ට උපදෙස්
