රටට එරෙහි “නිව්යෝර්ක් විරෝධතාවය” පිරිස නැතිව දියාරුවී යයි!

ඊයේ දින එක්සත් ජාතීන්ගේ 76 වන මහා සමුළුවේ රාජ්‍ය නායක දේශන පැවතී අතර ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශනයද ඊයේ දිනයේ යෙදී තිබිණි. එහිදී ජනාධිපතිවරයා කල ප්‍රකාශය සම්බන්ධයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තරයද අවධානය යොමුවූ පසුබිමක විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිව්යෝර්ක් නගරයේ විරෝධතාවයක් සංවිධානය කොට තිබුනේ ජනාධිපතිවරයාට සහ රටට විවේචන එල්ල කරමින්ය.

කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට අදාළ විරෝධතාවයට සැලකියයුතු පිරිසක් සම්බන්ධ නොවීම හේතුවෙන් අසාර්ථක වූ බවටයි වාර්තා පලවන්නේ. එහි සිටින ශ්‍රී ලාංකිකයින් පවසන ආකාරයට අදාළ විරෝධතාවයට සහභාගීවන බවට පැවසු බොහෝ දෙනෙකු අවසන් මොහොතේ එයට පොල්ල තබා මඟ හැරීම හේතුවෙන් උද්ඝෝෂණය දියාරු වී ගිය බවයි කියවෙන්නේ.

අදාළ විරෝධතාකරුවන් විවේචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන විශාල වශයෙන් පලවී තිබු අකාරයද දකින්නට ලැබුනා.

Related posts

Leave a Comment