“ගුවන්තොටේ PCR වෙළෙඳාම නැවැත්වූ කෙහෙලියට තුති” උදයංග වීරතුංගගෙන් සංචාරක බලධාරීන්ට ටොක්කක්!

උදයංග වීරතුංග මහතා සිය ෆේස්බුක් ගිණුමේ පලකල නිවේදනයකට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර ලැබෙමින් පවතිනවා.

වීරතුංග මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ස්තුති කරමින් කියා සිටින්නේ සංචාරක මණ්ඩලය ඩොලර් 40 අයකර සිදුකල PCR වෙළදාම නතර කර සංචාරකයන් පිටවීමට පැය 72 තුල එම රටින් නිකුත් කල PCR වාර්තාව පිළි ගැනීමට කටයුතු කිරීම ඉතා කාලෝචිත හා බුද්ධිමත් තීන්දුවක් බවයි. මාලදිවයිනේ බලධාරීන් ගන්නා ලද නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් එරට සංචාරක කර්මාන්තය යලි යතා තත්වයට පත්වෙමින් පවතින නමුත් මෙරට එසේ නොවීම නිසා සංචාරක කර්මාන්තයේ නියුතු ලක්ෂ 30ක පමණ පිරිසක් තවමත් පීඩාවට පත්වෙමින් ඇති බව උදයංග වීරතුංග මහතා වැඩි දුරටත් කියා සිටී.

උදයංග වීරතුංග මහතා පලකල නිවේදනය පහතින්…

Related posts

Leave a Comment