මිණිපිරියගේ සුරතලයට මැදි වූ ජනපති!

තමා ප්‍රථම වතාට මිණිබිරිය දැක බලා ගැනීමට හැකිවූ බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක්  ගිණුම් ඔස්සේ  සටහනක් තබමින් කියා සිටී.

ඉකුත්දා ඇමෙරිකාවේ නිව්යෝන් හී පැවති එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට ගිය අතරවාරයේ ඇයව දැක බලා ගැනීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතා සදහන් කර සිටී.

සිංහල , දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ජනාධිපතිවරයා ඒම සටහන තබා තිබිණි.

ජනාධිපතිවරයා සිය ෆේස් බුක් ගිණුමේ දැක්වූ සටහන මෙසේය.

”පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේදී මාගේ මිණිබිරිය ප්රථම වතාවට දැක ගැනීමට ලැබිණි.

මනෝජ් පුතණුවන් හට සහ සෙව්වන්දි දියණිය හට ඔවුන්ගේ කුලුඳුල් දෙමාපිය පදවියට නැවතත් මාගේ සුබ පැතුම් එක් කරමි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ එකම පුතුණුවන් වන මනෝජ් රාජපක්ෂ මහතා සහ ඇයගේ බිරිද සෙව්වන්දි රාජපක්ෂ මහත්මිය ඉකුත් මැයි මාසයේදී මව්පිය පදවිය ලැබූහ.ඔවුන් මේ වන විට ඇමරිකාවේ ජීවත් වෙති.

Related posts

Leave a Comment