“කාබනික පොහොර තීන්දුව දේශපාලනීකරණය කරන්න එපා” ජනපතිගෙන් සජිත්ට දුරකථන ඇමතුමක්!

මේ වනවිට රසායනික පොහොර සහ කෘෂිරසායන සම්බන්ධයෙන් මතුකාව රට තුල උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙරට වස විසෙන් තොර ගොවිතැන ප්‍රවර්ධනය කරමින් කෘෂි රසායනික වලින් ගහන සෞඛ්‍යට අහිතකට අහාර වෙනුවට කාබනික ගොවිතැනෙන් ලැබෙන සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාවක් වෙනුවෙන් විශාල තීන්දු තීරණ රැසක් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් දීර්ඝ කාලයක් තිස්සේ කෘෂි රසායන වලට හුරුව සිටි ගොවි ජනතාව ඉන් ඈත් කරමින් ඔවුනට නව අත්දැකීමක් වන කාබනික වගාවට හුරුවෙමින් සිටින සංක්‍රාන්ති සමයක් වන මේ සමයේ විපක්ෂ දේශපාලකයින් ගොවීන්ට ඇතිව තිබෙන ගැටළු විසඳීමට සහාය දෙනවා වෙනුවට අපහසුතාවයන්ට මුහුණදෙන ගොවීන් සිය දේශපාලන ඉත්තන් කරගෙන බංකොලොත් දේශපාලනයක නිරතවනු දකින්නට ලැබෙනවා.

මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකතනයෙන් අමතා ප්‍රකශ කොට ඇත්තේ කාබනික පොහොර සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුවට සහාය නොදක්වන්නේ ඇයිද කියාය. එහදී සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරයා කියා ඇත්තේ චන්ද වෙනුවෙන් ජනප්‍රිය තීන්දු ගැනීම නිසා නිදහසෙන් දශක 7කට පසුව රට මේ තත්වයට පත්ව ඇති බවයි. එබැවින් චන්ද ප්‍රතිඵලය කුමක් වුවත් රට සහ ජනතාව වෙවෙනුවෙන් නිවරදි දේ ලබාදීම සඳහා තමා පෙනී සිටින බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙනවා.

වැඩි දුරටත් ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයාට පැහැදිලි කරදී ඇත්තේ චන්ද වෙනුවෙන් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය විනාශ කිරීම වෙනුවට රජය ගන්නා හොඳ තීන්දු වෙනුවෙන් පක්ෂ විපක්ෂ භේධයකින් තොරව සියලු දේශපාලකයින් එක් විය යුතු බවයි.

පිළිකා, වකුගඩු, අක්මා, හෘද රෝග ආදී බොහොමයක් විෂ කෘෂි රසායන සහිත අහාර හේතුවෙන් වැළඳෙන බවට සාක්ෂි පවතිත්ද්දී චන්ද වෙනුවෙන් කරන බංකොලොත් දේශපාලනය තව දුරටත් සිදුකල හොත් පක්ෂ පාට භේධයකින් තොරව රටේ ජනතාව දිනෙන් දින මරු තුරුලට යාමට හරහා අවසානයේ දේශපාලනය කිරීමට මෙරට ජනතාවක් ඉතුරු නොවිය හැකි බවත් එබැවින් රට සහ ජනතාව වෙනුවෙන් ගන්නා තීන්දු වලදී පක්ෂ විපක්ෂ කණ්ඩායම් එක්ව ජනතාවට සේවය කලයුතු බව ජනාධිපතිවරයා පැහැදිලි කොට ඇති බවයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග මගින් වාර්තා වන්නේ.   

Related posts

Leave a Comment