“ලංකාවට පැමිණි දැවැන්තයා” දකුණු ආසියාවෙන්ම එන්න පුළුවන් එකම තැන කොළඹ!

ලෝකයේ විශාලම බහාලුම් ප්‍රවාහන නෞකාව වන එවර්ග්‍රීන්හි එවර් ඒස් නෞකාව ඊයේ (05දා) රාත්‍රි යේ කොළඹ වරායට පැමිණ තිබේ.

මෙම නෞකාව කොළඹ වරායට පැමිණියේ පළමු අවස්ථාවට වන අතර කොළඹ වරායද ඇතුළත්ව එම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේ වරායවල් 24කට පමණි.

මෙම නෞකාවට පැමිණිය හැකි දකුණු ආසියාවේ එකම වරාය කොළඹ වරාය වෙයි.

දිගින් මිටර් 400ක්, පළලින් මීටර් 61.5ක් වන මෙම නෞකාවට බහාලුම් 23992ක් රැගෙන යා හැකිය.නෞකාව පැනමා රාජ්‍ය කොඩිය යටතේ ගමන් කරන අතර පැයට නාවික සැතපුම් 22.6ක වේගයෙන් ගමන් කළ හැකි වෙයි.

කෙසේ වෙතත් 2013 වශයේ මහින්ද රාජපක්ෂ රජය සමයේ කොළඹ වාරයේ CICT පර්යන්තය සංවර්ධනය කොට විවෘත කල අතර එයට චීන රජය අනුග්‍රාහකත්වය ලැබුණු අතරම චීන සමාගමක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර හවුලේ මෙහි මෙහෙයුම් කටයුතු සිදුවන බවයි වාර්තා වන්නේ.

Related posts

Leave a Comment