SI නිල ඇඳුමින් සැරසී සෙල්ෆි ගත් තරුණයට සිදුවූ දේ..

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිල ඇඳුමෙන් සැරසී වාහනවල ගමන් කරමින් විවිධ වංචනික ක්‍රියා සිදුකළ බවට පැමිණිලි ලැබී තිබූ පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අදාළ පුද්ගලයාව පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවටගෙන තිබේ.

වැඩිදුර සිදුකළ විමර්ශනවලදී සැකකරු උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හැඳුනුම්පතක් ද පෙන්වමින් කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබුණි.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකරන ලද විශේෂ විමර්ශනයෙන් අනතුරුව පන්නිපිටිය, පොල්වත්ත ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු රක්වාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

මේ පුද්ගලයා උප පොලිස් පරීක්ෂක නිල ඇඳුමෙන් සමාජ ජාල මාධ්‍ය තුළ ද පෙනී සිට ඇති බව මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

Leave a Comment