කාබනික පොහොර මෙට්‍රික්ටොන් 20,000ක් කොළඹ වරායට!

රජයේ පොහොර ආයතන දෙකක් ආනයනය කළ කාබනික පොටෑසියම් පොහොර මෙට්‍රික්ටොන් 20,000 සහිත නැවක් අද (13) කොළඹ වරායට ළගා වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා පවසයි.

මෙම පොහොර තොගය අද රාත්‍රියේම අම්පාර ,මඩකලපුව ,අනුරාධපුර, පොළොන්නරුව ,කුරුණෑගල ,පුත්තලම, ත්‍රිකුණාමලය ,හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර මේ මස 15 වැනිදා වන විට ලබාදෙන බවත් ඊට පෙර පොහොර ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා මීට පෙර පවසා තිබුණි. 

Related posts

Leave a Comment