තෙල් නෑ කියා ජනතාව පෝලිමේ යැවූ ආනන්ද පාලිතට සජිත්ගෙන් තනතුරක්!

වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වෘත්තීය සමිති කටයුතු සම්බන්ධ විශේෂ සහකාර තනතුරට පත්කරනු ලැබීය. ඊට අමතරව සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති මාධ්‍ය ප්‍රකාශක තනතුරටද ඒ මහතා පත්කරනු ලැබීය.

කෙසේ වෙතත් ආනන්ද පාලිත පසුගිය අගෝස්තු 20 වනදා මෙරට තෙල් සංචිත දින 10කින් අවසන් වන බවට ප්‍රකාශයක් කල අතර ඒ හේතුවෙන් රට පුරා තෙල් පෝලිම් ඇතිවිය. ආනන්ද පාලිත මහතා කල අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා කැඳවනු ලැබීය.

මේ අනුව ආනන්ද පාලිත මහතා සිය ප්‍රකාශ නිකුත් කොට ඇත්තේ කාගේ අවශ්‍යතාවයටද යන්න හෙළි වන අතර දේශපාලන අවශ්‍යතාවයන් අනුව ජනතාව නොමඟ යැවූ සමගි ජන බලවේගය පිළිබඳවද රටටම හෙළිවී ඇත.

ආනන්ද පාලිත සිදුකල ප්‍රකාශය…

සජිත් ප්‍රේමදාස මහතා පත්වීම් ලබාදුන් අයුරු…

Related posts

Leave a Comment