රටේ ප්‍රශ්න එනකොට ආණ්ඩුව පුස් වෙඩිලි ගහනවා

වත්මන් රජය ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවට විවිධ වර්ගයේ බොරු ගොතමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“රටේ ප්‍රශ්නයක් එනකොට අග්‍රාමාත්‍යවරයා කියනවා.., මොකක්ද, මම ගව ඝාතනය තහනම් කරනවා. තහනම් කළා ද? ඒක පුස් වෙඩිල්ලක්. තහනම් කළේ නෑ. නිකං කියනවා. එතකොට මොකද වෙන්නේ. පහුවදා මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තිය. ගව ඝාතනය නතර කරයි. අපේ උපාසක අම්මලා.., සාදු සාදු කියනවා පත්තරේ බලලා. අද මතකද ඒක. සමහර අය කියනවා.., මිනිස්සු විතරක් නෙමෙයි රැවට්ටුවේ, ගවයොත් රැවට්ටුවා කියලා,” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එමෙන්ම පාතාලය වර්ධනය වීම හේතුවෙන් අවි ආයුධ ගෙනවිත් භාරදීමට සරත් වීරසේකර මහතා පවසූ බවත් ඉන් පසුව බුර්කාව තහනම් කිරීමට කටයුතු කරන බවත් පැවසූ බව ඒ මහතා කීය.

රට තුළ ප්‍රශ්නයක් මතුවන විට ඒවා යටපත් කිරීමට විවිධ කරුණු ගෙනන බවත් ඉන් අනතුරුව ඒවා කිසිවකුට මතක නොමැති බවත් ඔහු පැවසීය.

ඊයේ (16) පැවති රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

Leave a Comment