ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් නැවතත් පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ ශ්රී ලංකා ක්රිකට් බලධාරීන් චමින්ද වාස් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ශ්රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර චමින්ද වාස් වේග පන්දු පුහුණුකරු ලෙස තෝරාගෙන තිබුනද සංචාරයට පෙර ඔහු එම තනතුරෙන් ඉල්ලා අස් වූනා.