රජයේ වියදමෙන් වේදිකා නාට්‍ය කලාකරුවන් වෙනුවෙන් රක්ෂණාවරණයක්

රජය රක්ෂණ වියදම් ගෙවමින් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් සදහා “ප්‍රේක්ෂා” රක්ෂණාවරණය ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමුවතාවට බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය. 

“ප්‍රේක්ෂා” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අනාවරණය කළේය.

 ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් ප්‍රකාශිත “කලා සඟරාව” හා “බුද්ධ ප්‍රතිමා නිර්මාණ කලාව” කෘතීන්හි මුල් පිටපත් මෙහි දී ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා විසින් අග්‍රාමාත්‍යතුමාට පිරිනැමුවේය. “ප්‍රේක්ෂා” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කලා කරුවන් වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා අතින් මෙහි දී සංකේතාත්මකව රක්ෂණාවරණ හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරිණි.

 ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ ටවර් හෝල් රඟහල පදනම එක්ව සංවිධානය කළ මෙම “ප්‍රේක්ෂා” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය ප්‍රදානය “ජනශක්ති” රක්ෂණ සමාගම ඔස්සේ ක්‍රියාත්මක වේ. ඒ අනුව සාමාජිකයෙකුගේ අභාවයක දී රුපියල් ලක්ෂ දෙකක්, හදිසි අනතුරකින් වන මරණයක දී රුපියල් ලක්ෂ හයක්, පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයක දී රුපියල් ලක්ෂ හතරක්, අසාධ්‍ය රෝග ආවරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක්, මුදල් රහිත රෝහල්ගතවීමේ ප්‍රතිලාභය වසරකට උපරිම රුපියල් එක්ලක්ෂ පනස් දහසක්, බාහිර රෝගී අංශ ප්‍රතිකාර සඳහා වසරකට රුපියල් පහළොස් දහසක්දක්වා මුදල් රක්ෂණාවරණයකට මෙමඟින් හිමිකම් ලැබෙනු ඇත.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි

Related posts

Leave a Comment