දෛනික විදුලි කප්පාදුව ගැන නවතම නිවේදනයක්!

දිනපතා සිදුකරනු ලබන විදුලි කප්පාදුව අද සහ හෙට දිනයේදී ක්‍රියාත්මක කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.

ඉකුත් සිකුරාදා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ විදුලි ජනනය කිරීම ද ඇන හිටිනු ලැබුවා.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් දෙකක උත්පාදන කටයුතු මේවන විට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිව ඇති අතර තෙවන විදුලි ජනන යන්ත්‍රය නැවත ක්‍රියාත්මක කර ගැනීම සඳහා තවත් දින 02ක කාලයක් ගත වෙනු ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කර සිටියේ.

මේ හේතුවෙන් අද සහ හෙට දිනයේද විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුවන බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

Related posts

Leave a Comment