2022 අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් වෙයි ද?

2022 වසරේදී අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් කිරීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු වී නැතැයි සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ පතිරණ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (දෙසැ. 7) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මාධ්‍යවේදියා: යම් මතවාදයක් ගොඩ නැගිලා තියෙනවා සමාජයේ ජනාවාරි මාසය තුළ අග්‍රාමාත්‍ය ධූරයේ යම් කිසි වෙනසක් ඇති වෙන බව. මේ සඳහා නම් දෙකක් යෝජනා වෙලා තියෙනවා. ඒ බැසිල් රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කරන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ විදේශ ණය ලබා ගැනීමේ අරමුණින්. මේ සම්බන්ධයෙන් රජයේ මතය කුමක් ද?

අමාත්‍ය රමේෂ් පතිරණ: කිසි ම පදනමක් නැහැ. එවැනි කිසිදු සාකච්ඡාවක් සිදු වෙල ත් නැහැ. අපිට කියන්න තියෙන්නේ එකේ කිසි ම සත්‍යතාවක් නැහැ කියන එක.

Related posts

Leave a Comment