ගිවිසුම ගැහුවේ NFE එක්ක නෙමෙයිද? – අනුරගේ නොදැනුවත්කම සහ “යුගදනවි” ගිවිසුමේ ඇත්ත කතාව!

අනුර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී “මහා හෙළිදරව්” කිරීමක් කර ඇති බව සමහර මාධ්‍ය බ්‍රේකිං නිව්ස් මගින් නිවේදනය කරනු දක්නට ලැබුණි. ඇත්තටම ලංකාවේ මාධ්‍යවල දැනුම හා අනුර කුමාරගේ දැනුම ද අපට මේ ඔස්සේ ප්‍රදර්ශනය විය.

කොහෙන් හෝ හොයාගත් යුගදනව් ගිවිසුම අතට ගත් අනුරට එහි ඇති රටට අහිතකර වගන්ති ගැන නම් කීමට එකදු වචනයක් හෝ තිබුණේ නැත. මන්ද ගිවිසුම තුළ එවැනි දෙයක් නැති නිසාය.

කෙසේ වෙතත් ඔහු “හෙළි කළ” දෙය මීට සති තුනකට පෙර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු තුළ ම සිය කතාවක “හෙළිකර” ඇති බව අනුර ළදරුවා දන්නේ නැත.

රනිල්ට නම් NFE Sri Lanka power Holdings LCC ගැන පුදුම වීමට දෙයක් තිබුණේ නැත. මන්ද ලංකාවේ මේ ආකාරයේ ආයෝජනයක් කරන විට mediator සමාගමක් පිහිටුවා ඒ හරහා මව් සමාගම ක්‍රියාත්මක වීම සාමාන්‍ය ක්‍රමය නිසායි.

අනුර මෙන්න ඔයාගේ බ්‍රේකිං නිව්ස් එක ඔයාගේ බොස් රනිල් සති තුනකට කලින් බ්‍රේක් කරල. අපරාදේ ඔයාගේ නොදැනුමට ඔයා ලංකාවේ මාධ්‍යවලටත් ළණු දෙනවා.

Related posts

Leave a Comment