නැනෝ නයිට්‍රිජන් පොහොර කෑන් පුපුරනවා කියන එක සම්පූර්ණ බොරුවක්!

ඉන්දියාවෙන් ආනයන කරන ලද නැනෝ නයිට්‍රිජන් දියර පොහොර අඩංගු කෑන් පුපුරා යන බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

“නැනෝ පොහොර කෑන් පුපුරනවා කියන එක සම්පූර්ණ බොරුවක්. පුපුරන්නෙ මේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරපු පොහොර. ඒවායේ යම් ප්‍රශ්නයක් තිබෙනවා. අපේ ප්‍රදේශවලත් ඒ පොහොර ගහන්න ගියාම ගැටලු ඇතිවෙලා තිබෙනවා. අපි ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයෙත් කතා කළා. කෘෂිකර්ම ඇමතිතුමා ප්‍රතිඥා දුන්නා ඒවා ආපහු එකතු කරගන්නවා කියලා.

මොකද ඒවා දේශීය නිෂ්පාදන. ඒවා අත්හදාබැලීම්. ඒවායෙ අඩුපාඩු වෙන්න පුළුවන්. මේක ගලේ කෙටූ අකුරු වගේ නෑ. ජනාධිපතිතුමා තීන්දු ගත්තා වගේම තීන්දු ආපස්සට ගන්නත් පසුබට වුණේ නෑ ජනතාව ගැන හිතලා, ගොවියා ගැන හිතලා. හැබැයි ඒකෙන් අදහස් කරන්නෙ නෑ මේ කාබනික පොහොර වැඩසටහන ක්‍රියාත්මක කරන්නෙ නැහැයි කියලා”

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

Related posts

Leave a Comment