ඉන්දියාවට එරෙහිව විස්සයි 20 තරගාවලියේ එංගලන්තය ඉදිරියෙන්

ඉන්දීය කණ්ඩායම සමග පැවති තෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය කඩුලු 08කින් ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමස්ත තිබේ.

ඊයේ රාත්‍රීයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 02ක් අවසානයේ කඩුලු දෙකක් දැවී සිටියදී ලකුණු 158ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

ඒ අනුව තරග 05කින් සමන්විත දෙරට අතර පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් පසුවේ.

Related posts

Leave a Comment