“ලංකාවේ රා කර්මාන්තයේ ඉදිරි පිම්මක්” – බ්‍රිතාන්‍ය ‘ද ගාර්ඩියන්’ ලොවටම කියයි!

ශ්‍රී ලංකාවේ රා කර්මාන්තය විශාල වශයෙන් වර්ධනය වී තිබේ. මේ බව බ්‍රිතාන්‍ය පලවන ‘ද ගාර්ඩියන්’ පුවත්පත වාර්තා කර ඇත.

ශ‍්‍රී ලංකාවේ රා ආශ‍්‍රිත නිෂ්පාදන මේ වනවිට බ්‍රිතාන්‍යය, කැනඩාව, එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල් ගණනාවකට අපනයනය කරමින් ඇතැයිද එම වාර්තා වල දැක්වේ.

අතීතයේ දී සුළු ආදායමක් ලබා ගත් උතුරු පළාතේ කල් රා මදින්නන් ගේ ආදායම දැන් ඉහළ ගොස් ඔවුන් සැපවත් ජීවිතයක් ගත කරමින් සිටින බවද එම වාර්තා වල සඳහන් වේ.

වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ දේශීය නිෂ්පාදන දිරි ගන්වමින් ඒවා අපනයන වෙළෙඳපොල වෙත ගෙන යන්නට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ලැබීම මේ තත්වයට ප්‍රධාන හේතුවක් බවත් මෑත ඉතිහාසයේ පළමු වතාවට පසුගිය ඔක්තෝබර් මාසයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2 ඉක්මවා ගොස් ඇති අතර මේ වනවිට 2021 වසරේ අපනයන අදායම බිලියන 10 ඉක්මවා ඇති බවද අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු පැවසුවා.

Related posts

Leave a Comment