කොරෝනා මරණ වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතින බව බ්‍රසීලය මාධ්‍ය වාර්තා කරයි.
ලොව දෙවැනි විශාලතම කෝවිඩ් බලපෑම ඇති වී තිබෙන්නේ බ්රසීලයටය.
ඊයේ(16) දිනය තුළදී පමණක් කෝවිඩ් මරණ 2841ක් වාර්තා වී ඇත. බ්‍රසීලයේ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ සාවෝ පවුලෝ නගරයෙනි. එම මරණ සංඛ්‍යාව 679කි . බ්‍රසීල සෞඛ්‍ය අංශ මේ වන විට රජයෙන් ඉල්ලා ඇත්තේ වැඩිම ජනගහනයක් සිටින සාවෝ පවුලෝ නගරය වසා දැමීමට කටයුතු කරන ලෙසය.
උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි
බ්‍රසීලයේ කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළට
