”යුගදනවි රටට හිතකර ගිවිසුමක්”

යුගදනවි ගිවිසුම රටට හිතකර ගිවිසුමක් බව, තම පක්ෂයේ මතය යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

තම සන්ධානයේ ඇතැම් පක්ෂ එම ගිවිසුමට විරුද්ධ වීම පිළිබඳව තමාට දැක්වීමට මතයක් නොමැති බව ද සාගර කාරියවසම් මහතා කීවේ ය. 

යුගදනවි ගිවිසුම මගින්, රටට හිතකර තත්ත්වයන් රැසක් නිර්මාණය විය හැකි බව ද එම නිසා එම ගිවිසුම සම්බන්ධයෙන් තම පක්ෂයට ඇත්තේ සුබදායක තත්ත්වයක් බව ද කාරියවසම් මහතා වැඩිදුරට ත් කීවේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (දෙසැ. 13) එක්වෙමින්, සාගර කාරියවසම් මහතා මෙම අදහස් පළ කළේ ය. 

Related posts

Leave a Comment