රට විවෘතව තබා ගන්න සෞඛ්‍ය D Gදැමු කොන්දේසිය!

”තවදුරට ත් රට විවෘතව තබාගෙන තමන්ගේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය නම් බූස්ටර් එන්නත ලබාගත යුතු යැයි” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (දෙසැ.15) දින ඔහු සඳහන් කළේ, මේ දක්වා වෛරසය ව්‍යාප්තිය පාලනය වී ඇත්තේ පෙර ලබාගත් එන්නත් මාත්‍රා ද්විත්වය හේතුවෙන් බව ය.

කෙසේ නමුත් තුන් වන මාත්‍රාව මාත්‍රාව ලබා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වූ මට්ටමට වඩා ජනතාවගේ පැමිණීම අඩු බව ද ඔහු සඳහන් කළේ ය.

මේ වන විට වයස අවුරුදු 20ට වඩා වැඩි සියලු දෙනාට ම බූස්ටර් එන්නත ලබා දෙනු ලබයි.

එබැවින් ළඟ ම ඇති රෝහලෙන්, සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන සායන මධ්‍යස්ථානයකින් මෙම එන්නත් මාත්‍රාව ලබා ගැනීමට හැකි බව ඔහු සඳහන් කළේ ය.

එන්නත් මාත්‍රා දෙක ලබාගෙන මාස 3ක් ගත වී සිටින සියලු දෙනාට තමන්ගේ ආරක්ෂාව උදෙසා මෙම බූස්ටර් එන්නත අනිවාර්යයෙන් ම ලබාගන්නා ලෙස ඔහු වැඩිදුරට ත් පැවසී ය.

“මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. එකක් තමයි අවුරුදු 20ට වැඩි සියලු ම දෙනාට ම අපි බුස්ටර් දෙන්න අපි තීරණයක් ගෙන තියෙනවා. ඒ නිසා තමන් ළඟ ම තියෙන රෝහලෙන් හෝ නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් හෝ නැත්නම් සෞඛය වෛද්‍ය කාර්යාලය විසින් පවත්වාගෙන යන සායන මධ්‍යස්ථානයකින් මෙම එන්නත් හැකි ඉක්මනින් ලබා ගන්න. අපි මේ බූස්ටර් එන්නත කර්මාන්තශාලා ඒ වගේ ම රාජ්‍ය ආයතන සඳහා ත් ලබා දීම ආරම්භ කරලා තියෙනවා. දැනට දකින දෙයක් තමයි මෙම බූස්ටර් එන්නත ලබා ගැනීමට පැමිණීම අපි හිතුවාට වඩා අඩුයි. අපි මේ තාක් මේ පාලනය වෙලා තියෙන්නේ අපි කලින් ලබාගත් එන්නත්කරණයේ ප්‍රතිඵලයක් නිසා. තවදුරට ත් අපිට රට විවෘත කරගෙන මෙලෙස තමන්ගේ දෛනික කටයුතු පවරාගෙන යන්න අවශ්‍ය නම් මෙම බූස්ටර් එන්නත ලබාගත යුතුයි. 

එන්නත් දෙකක් ලබාගෙන තියෙන අයට මාස 3ක් ගියාට පස්සේ මෙම බූස්ටර් එන්නත ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. අපි සියලු දෙනා ම දන්නවා ඉදිරියේදී නත්තල් උත්සවය ත් ඒ වගේ ම අලුත් අවුරුද්ද ත් උදාවෙනවා. සියලු දෙනා ම මෙම උත්සව සමරන්න දැන් ලෑස්තිවෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා මෙම බූස්ටර් එන්නත ලබාගැනීම මම හිතනවා ඉතාමත් වැදගත්. මොක ද මේ අවස්ථාවේදී සෙනග ගැවසෙන හා කඩ සාප්පුවලට යාම වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඒකි නිසා තමන්ගේ ආරක්ෂාව උදෙසා මෙම බූස්ටර් එන්නත අනිවාර්යයෙන් ම ලබාගන්න හැටියට මම ඉල්ලා සිටිනවා. එමගින් මෙම රෝගය තවදුරට ත් පැතිරීම හැමවිට ම වැළඳීම ත් අඩුකරගන්න හැකි වෙයි කියලා අපි හිතනවා.”

Related posts

Leave a Comment