ගෑස් අනතුරු ගැන සෙවීමට පත් කළ ජනපති කමිටුවේ වාර්තාව අද!

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයාබලා කඩිනමින් ගතහැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ වාර්තාව සකස් කිරීම අද දිනයේ අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු එම කමිටුවට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේ අවශ්‍ය සියලු පාර්ශවයන්ගේ හා දැනට ඇති අධ්‍යනයන් සහ විවිධ අදහස් විමර්ශණය කර සති දෙකක් ඇතුලත වාර්තාවක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව එම කමිටුව ඊට අදාළ වැඩකටයුතු ආරම්භ කර අදට සති 02 ක් සම්පූර්ණ වනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ පැවසුවේ සිය කමිටුවේ වාර්තාව සකස් කිරීම අද දිනයේ අවසන් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කරමින් හා විශ්ලේෂණය කරමින් වාර්තාව සකස් කෙරෙන බවත්, මේවනවිට එය අවසන් අදියරට පැමිණ ඇති බවත් මහාචාර්ය ශාන්ත වල්පොලගේ නෙත් නිවුස් වෙත කියා සිටියා. වාර්තාව සකස් කර අවසන් වූ පසු ඒ පිළිබඳ ජනාධිපතිවරයා වෙත දැනුම් දෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

Related posts

Leave a Comment