“ඉන්ධන මිල වැඩි වන බවට වූ පුවත් සියල්ල බොරු”

අද රාත්‍රියේ ඉන්ධන මිල ඉහල යන බවට පලවන වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ප්‍රචාර අසත්‍ය බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැනුම් දෙනවා.

සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ඔහු මෙම නිවේදනය සිදුකොට ඇති අතර වෙබ් අඩවි හරහා පළවූ පුවත අසත්‍ය බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

සමගි ජන බලවේගය දිගින් දිගටම ඉන්ධන මිල ඉහල යන බවට මෙන්ම තෙල් හිඟයක් ඇති වන බවටද ප්‍රකාශ හා පුවත් මවමින් ඔවුනට පක්‍ෂපාති සමාජ ජාල මාධ්‍ය හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ප්‍රචාර පළකිරීම් සිදු කල අතර ඒ හේතුවෙන් ඉන්ධන හල් අසල දැඩි පෝලිම් ඇතිවූ බව පසුගිය කාලය පුරාම දකින්නට ලැබුනා.

කෙසේ වෙතත් රටේ පවතින කොවිඩ් තත්වය මෙන්ම ආර්ථික අපහසුතා වලින් හෙම්බත්ව සිටින ජනතාව කලබලයට පත් කරමින් මෙවන් අසත්‍ය ප්‍රචාර පළකරන්නන් හට නීතිය ක්‍රියාත්මක කර මෙවන් අසත්‍ය ප්‍රචාර නැවත්වීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේද යන්න ජනතාව ප්‍රශ්න කරමින් සිටී.

අමාත්‍යවරයාගේ නිවේදනය පහතින්…

Related posts

Leave a Comment