රජයට වැරදුණ තැන කරන වැඩ ගැන අඩුවෙන් කතා කිරීමයි!

රජයට වැරදී ඇත්තේ කරන වැඩ ටික අඩුවෙන් කතා කරන නිසා බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය නීතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා පැවසයි. පවතින වර්ෂාවෙන් කැඩී ගිය ගම්පොළ ගල්ගෙඩියාව රත්වත්ත මාර්ගයේ පාලම වෙනුවට නව පාලමක් ඉදි කිරීම ආරම්භ කළ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ග්‍රාමීය පාලම් ඉදිකිරීම වැඩපිළිවෙළ යටතේ මෙරට වැඩිම මුදලක් වූ රුපියල් ලක්ෂ 760ක වියදමින් මෙම ග්‍රාමීය පාලම ඉදි කිරීමට සැලසුම් කර තිබේ. අධික වර්ෂාවත් සමඟ කිරින්ද ඔය පිටාර ගැලීම නිසා මෙම පාලම සමඟ අක්කරයක පමණ විශාල ප්‍රදේශයක් සේදී ගොස් තිබේ. මේනිසා පවුල් එක්දහස් පන්සියයක් පමණ ගම්මානවලට කොටුවී ඇත. එහෙයින් ඉක්මන් වැඩසටහනක් ලෙස අමාත්‍යවරයා මෙම පාලම ඉදිකිරීම ක්‍රියාවට නංවා ඇත.

කොහේ හරි ගෑස් එකක් පිපුරුනත් ඒ ගැන හන්දි ගානේ කතා කරනවා. ඒත් කෝටි ගණන් වැය කර රජය සිදු කරන සංවර්ධන වැඩ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ.

ඝෝඨාභය ජනාධිපතිතුමා වැඩ ගැන පමණයි කතා කරන්නේ අමාත්‍යාංශවල අපට කියන්නේ වැඩ කරන්න කියා පමණයි. මගේ අමාත්‍යාංශයෙන් පමණක් මේ වන විට වැව් 1261ක් හදල ඉවරයි. මේ මස අවසන් වන විට තවත් වැව් 1500ක් හදල ඉවර කරනවා.

අද බොහෝ අය කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න කියායි. ඒත් ඒ අය දාන කොන්දේසි අනුව සේවක කප්පාදු කරන්න කියන විට නීතිරීති දාන විට ඒවට කවුරුවත් විසඳුම් දෙන්නෙ නෑ.

මේ අවස්ථාවට ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිය සමඟ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සහභාගි වූහ.

Related posts

Leave a Comment