වාහන කොටස් සොරකම් කළ පුද්ගලයෙක්ව අහම්බෙන් අත්අඩංගුවට පත්වූ හැටි

වාහනවල අමතර කොටස් සොරාගන්නා පුද්ගලයෙකු ගිනි අවියක්ද සමගින් කඳාන ප්‍රදේශයේ දී ඊයේ (16) අත්අඩංගුවටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, තවත් සැකකරු පළාගොස් ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ ආරම්භකර ඇති බවත්ය.

අදාළ පුද්ගලයින් දෙදෙනා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටිනවිට පොලීසිය විසින් ඔවුන්ව නතර කිරීමට යාමේදී එය නොනවත්වා ධාවනයකර තිබේ.

එහිදී අනෙක් සැකකරුවෙක් පළාගොස් තිබුණි.

පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයින් දෙදෙනා කඳාන ප්‍රදේශයේ සුඛෝපභෝගී රථවල කොටස් සොරකම් කරන පුද්ගලයින් බවය.

මේ අතර කඳාන පොලීසිය විසින්, රාත්‍රී කාලයේදී නිවෙස්වල භාණ්ඩ සොරකම් කරන යුවලක් ද ඊයේ අත‍්අඩංගුවටගෙන තිබුණි.

පොලීසිය සඳහන් කළේ ඔවුන් කඳාන, මුල්ලේරියාව ඇතුළු ප්‍රදේශ කිහිපයක සොරකම් සිදුකර ඇති අතර දහවල් කාලයේදී කුලී පදනම මත ලබාගන්නා මෝටර් රථවලින් නිවෙස් නිරීක්ෂනය කරන බවය.

රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් මෙම යුවල රාත්‍රී කාලයේදී නිවෙසකින් භාණ්ඩ සොරකම් කිරීමට පැමිණෙන ආකාරය එහි සවිකර තිබූ ආරක්ෂක කැමරාවල සටහන් වී තිබුණි.

අත්අඩංගුවටගත් සැකකරුවන් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

Leave a Comment