සාලිගේ වාහනයේ ගිනි අවියක්

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් අසාත් සාලිගේ නිළ රථයේ තිබී හමුවූ බව පොලීසිය සඳහන් කරනවා

අත්අඩංගුවට ගත් සාලි රඳවා ගෙන ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විශේෂ විමර්ශනයට අදාළව ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (16 ) පස්වරුවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් පරිදි අත්අඩංගුවට ගත් අසාද් සාලි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.අසාද් සාලි ඉකුත් 10 වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මෙරට නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අතර, එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

Related posts

Leave a Comment