ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නතෙහි ප්රතිලාභ හා වාසි අඛණ්ඩවම එහි අවදානම ඉක්මවා යන බව යුරෝපා ඖෂධ ඒජන්සිය ඊයේ (16දා) ප්‍රකාශ කළේය.
යුරෝපා ඖෂධ ඒජන්සියේ විධායක අධ්යක්ෂ එමර් කුක් කියා සිටියේ ඒජන්සිය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් ඇතිවූයේ යැයි කියන සංකූලතා සිද්ධීන් එකින් එක ඇගයීමට ලක් කරමින් සිටින අතර, ඒ පිළිබඳ වැඩිදුර සමාලෝචනය බ්‍රහස්පතින්දා අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාද පසුගිය සඳුදා කියා සිටියේ එන්නත ලබාගත් අයගේ රුධිර කැටිගැසීම් සිද්ධීන් එන්නත හා සම්බන්ධයක් නොමැති බවයි.
කොවිඩ්-19 මර්දන එන්නතෙහි ප්රතිලාභ අවදානම ඉක්මවයි – යුරෝපා ඖෂධ ඒජන්සිය
