නුවර පැරදවූ කොළඹ LPL අවසන් වටයට!

ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුදුකම් ලැබීමට ඇන්ජලෝ මැතිවුස්ගේ නායකත්වයෙන් යුත් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, කැන්ඩි වොරියස් කණ්ඩායම සමග ඊයේ රාත්‍රීයේ පැවති තීරණාත්මක තරගය ලකුණු 58කින් ජය ගනිමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20තුළ කඩුලු 06ක් දැවී ලකුණු 182ක් රැස් කළා. කුසල් ජනිත් පෙරේරා පන්දු 38කදී ලකුණු 58ක් රැස් කර අතර දිනේෂ් චන්දිමාල් පන්දු 29කදී නොදැවී ලකුණු 44ක් රැස් කළා. ධනංජය ද සිල්වා පන්දු 28කදී ලකුණු 40යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි වොරියස් කණ්ඩායමට පන්දුවාර 17කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 124ක් පමණයි. රවී බොපාරා ලකුණු 47ක් රැස් කළා. ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 25කට කඩුලු 06ක් දවා ගත්තා.

ඒ අනුව ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම් සමග අවසන් වටයට සුදුසුකම් ලැබීමට කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමත් වුණා.

Related posts

Leave a Comment