ඊයේ (16) මුදල් විශුද්ධීකරණ පනතට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ ETI සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් අද (17) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි එලෙස අත්අඩංගුවටගෙන තිබුණේ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අය වේ.
ETI තැන්පත්කරුන්ට නිසි සාධාරණයක් ඉටුකිරීමට රජය මේ වනතෙක් ක්‍රියාකර නොමැති බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ සභාපති අනූෂා ජයන්ති මහත්මිය පැවසුවාය.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවය.
උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි
ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂකවරු අද අධිකරණයට
