ගෑස් පිපිරීම් ගැන සොයන්න පත් කළ කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට!

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසදුම් සෙවීමට පත් කළ ජනාධිපති කමිටු අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.

ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින්, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කළේ, අද (දෙසැ. 20) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත අදාළ වාර්තාව භාර දුන් බව ය. 

ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 30 වන දා එම කමිටුව පත් කරනු ලැබීය.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත විය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඩබ්ලිව්. ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහත්වරු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළහ.

Related posts

Leave a Comment