“බිරිය මුදලට විකුණුවැයි සැමියා හෝටලයක යකා නටලා”

රූමත් දෙදරු මවක වේයන්ගොඩ හිග්ගොල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක තබා ගෙන ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන සිද්ධියක් සම්බන්ධව එම හෝටලයේ සේවකයකුට සහ දෙදරු මවට පහර දුන් බව කියන ඇයගේ සැමියා අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පැවසීය.

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන රූමත් විවාහක කාන්තාවක් සමග කිසියම් පුද්ගලයෙකු ප්රේාම සම්බන්ධයක් පවත්වා ඇයව වේයන්ගොඩ හිග්ගොල්ලවත්ත ප්ර්දේශයේ හෝටලයකට රැගෙන විත් මුදල් ඉපයීම සඳහා ගණිකා වෘත්තියේ යෙදවූ බව කියමින් ඊයේ පස්වරුවේ පහර දීම සිදු කොට ඇති බවද පොලීසිය කීය.

එම කාන්තාවගේ සැමියා හෝටලයට කඩා වැදී පළමුව එම කාන්තාවට පහරදී ඇති බවත් ඒ අවස්ථාවේ එහි සේවකයෙකු පහරදීම වීඩියෝ ගත කළා යැයි කියමින් ඔහුටද පහර දීමෙන් අනතුරුව හෝටලයටද පහරදී අලාභ හානි සිදු කොට පලා ගොස් සිටියදී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියා සිටියේය.

එම හෝටලය තුල කාන්තාවන් මුදලට අලෙවි කරනවාද යන්න පිළිබඳව වෙනම පරීක්ෂණයක් පවත්වා ගෙන යන බවත් මෙයට පෙරද එම කාන්තාව මෙම හෝටලය තුල තබා ගෙන සිටි බවට තොරතුරු ලැබී ඇති බවද පොලීසිය කීය.

අත් අඩංගුවට ගෙන සිටින සැකකරු රැකියාව සදහා නිවසින් පිටව යාමෙන් පසුව බිරිය හෝටලයට කැදවා ගණිකා වෘත්තියේ යොදවන බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.

පහර දීම සම්බන්ධව අත් අඩංගුවට ගෙන සිටින සැකකරු අත්තනගල්ල මහේස්ත්රාතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්රතධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා ප්රනමුඛ එහි පොලිස් නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

Related posts

Leave a Comment