ජෛව බුබුල බිඳ දැමු කුසල් පළමු තැනට!

එංගලන්තයේදී ජෛව ආරක්ෂක බුබුල බිඳ දැමීම හේතුවෙන් තරග තහනමට ලක්වූ ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් මෙවර එල්.පී.එල්. තරගාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්ව තිබේ.

තරග 10කට ක්‍රීඩා කර ඇති කුසල් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 327කි. අර්ධ ශතක දෙකක් රැස්කර ඇති කුසල් හතරේ පහර 32ක් හා හයේ පහර 9ක් එල්ල කර තිබේ. ඉනිමක සාමන්‍ය 36.33ක් වන අතර පන්දුවට පහර දීමේ වේගය 148ක් ලෙස දැක්වෙයි.

මෙවර තරගාවලියේ ලකුණු 300 සීමාව ඉක්මවූ ක්‍රීඩකයන් වන්නේ අවිශ්ක ප්‍රනාන්දු (312) හා පී.ඩී. සෝල්ට්ය (301) තරගාවලියේ ඉනිමකදී රැස්කළ වැඩිම  ලකුණු සංඛ්‍යාව රැස්කර ඇත්තේ අවිශ්ක ප්‍රනාන්දුයි. ඔහු ලකුණු 100ක් රැස්කළේය.

මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් වන්නේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සමීට් පටේල් හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ මහීෂ් තීක්ෂණයයි. ඔවුන් දෙදෙනා කඩුලු 16 බැගින් දවාගෙන තිබේ.

තරගාවලියේ හොඳම පන්දු යැවීමට හිමිකම් කියන්නේ ජෙෆ්රි වැන්ඩසේය. කොළඹ ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරන ජෙෆ්රි වැන්ඩසේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 25ට කඩුලු 6ක් දවා ගැනීමට සමත්වූයේය.

Related posts

Leave a Comment