ඔමික්‍රෝන් නිසා ඉන්දියාව යළි ත් අනතුරේ!

ඉන්දියාවෙන් වාර්තා වන ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව අද (දෙසැ. 25) දිනය වන විට 415ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එරටින් ඊයේ (දෙසැ. 24) දිනය වන විට වාර්තා වී ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් 358කි.

ඉන්දියාවේ ප්‍රාන්ත 17කින් මෙම ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඒ අනුව, මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙන් 108 දෙනෙකු, දිල්ලියෙන් 79 දෙනෙකු, ගුජරාට් ප්‍රාන්තයෙන් 79 දෙනෙකු, තෙලන්ගනා ප්‍රාන්තයෙන් 38 දෙනෙකු, තමිල් නාඩු ප්‍රාන්තයෙන් 34 දෙනෙකු සහ කර්නාටක ප්‍රාන්තයෙන් 31 දෙනෙකු ලෙස එම ආසාදිතයින් වාර්තා වී තිබේ.

එරට අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, සිකුරාදා දින වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයින් 358 දෙනාගෙන් 183 දෙනෙකුගෙන් සියයට 70කට රෝග ලක්ෂණ නොමැති බව ත් ඉතිරි රෝගීන්ගේ සුළු රෝග ලක්ෂණ පැවති බවත් ය.

තව ද එම රෝගීන්ගෙන් සියයට 90 කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ම එන්නත්කරණයට ලක්වූ අය වන බව එරට මාධ්‍ය සඳහන් කර තිබේ.  

එමෙන් ම ඔමික්‍රෝන් ආසාදනය වී සිටි 115 දෙනෙකු සුවය ලබා ඇති බව ද එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

Related posts

Leave a Comment