ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට පෑදුන පින!

උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියවලින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් සංඛ්‍යාවක් ශ්‍රී පාදය කරුණා කිරීම සඳහා අද (‍දෙසැ. 25) දින පැමිණි සිටි බව අප වාර්තාකරු පවසයි.

අප වාර්තාකරු සඳහන් කළේ, සති අන්ත නිවාඩුව සහ නත්තල් දිනය නිමිත්තෙන් හැටන් මාර්ගය ඔස්සේ මෙම පිරිස ප්‍රවේශ පත්‍ර නොමැතිව හැටන් දුම්රිය ස්ථානය දක්වා පැමිණ ඇති බව ය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලීම හේතුවෙන් වන්දනාකරුවන් වැඩි පිරිසක් මෙලෙස පැමිණ ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

ශ්‍රී පාදය කරුණා කිරීමට දුම්රියෙන් පැමිණි සියලු ම වන්දනාකරුවන්ට හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ගමන් කිරිමට හැටන් ලං.ග.ම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ද ධාවනයට එක් කර තිබූ බව අප වාර්තාකරු පැවසී ය.

Related posts

Leave a Comment