මන්ත්‍රී රාසමානික්‍යම්ගේ තවත් බොරුවකට නාවික හමුදාවෙන් පිළිතුරු!

දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍යන් රාසමානික්යන් මන්ත්‍රීවරයා පසුගියදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ නැගෙනහිර මුහුදේ නැංගුරම්ලා ඇති නැවක් මඟින් වැලි කැණීමක් සිදු කරන බවටයි. ඒ සඳහා බලධාරීන් වහා පිළිතුරැ ලබා දියයුතු බවටත් රාත්‍රී කාලයේ ධීවරයින් මේ සම්බන්ධව තොරතුරු ඔහුට වාර්තා කල බවටත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ අදාළ ස්ථානයේ නීති විරෝධී වැලි කැණීමක් සිදුවන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වූ පුවත අසත්‍ය බවයි නාවික හමුදාව පවසන්නේ. 

අදාළ ස්ථානයේ නවතා තිබූ ටග් යාත්‍රාව සහ බත්තල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බංග්ලාදේශයේ චිතකන් වරාය දක්වා හුණු ගල් ප්‍රවාහනය කර තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ. 

එම ටග් යාත්‍රාවට අවශ්‍ය ඉන්ධන ඇතුලු අනෙකුත් සැපයුම් ලබාගැනීම සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණීමට නියමිතව තිබුණා. 

එහෙත් මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් එම ටග් යාත්‍රාව සහ බත්තල මඩකලපුව මුහුදු ප්‍රදේශයට ආසන්නව දෙසැම්බර් මස 15 වන දින සිට ආරක්ෂිතව නැංගුරම්ලා තිබූ බවයි ශ්‍රී නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ශානක්‍යන් මන්ත්‍රීවරයාගේ ට්විටර් සටහන…

Related posts

Leave a Comment