චීනයෙන් ශ්‍රී ලංකා පොලිසියට තෑග්ගක්!

චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකා පොලිසියට යතුරුපැදි 10ක් ප්‍රදානය කර තිබේ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා මෙම යතුරුපැදි නිල වශයෙන් අද (දෙසැ. 29) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතාට සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත භාර දී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මිලියන 4ක් පමණ වටිනාකමින් යුතු මෙම යතුරුපැදි, 125cc එන්ජින් ධාරිතාවයකින් යුක්ත වන බව ය.

එම යතුරුපැදි පොලිස් කොට්ඨාස 10ක් වෙත භාර දීමට කටයුතු කර තිබේ.

Related posts

Leave a Comment