ලෝක සංචාරක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට!

ලෝක සංචාරක රූ රැජිණ (2021 Queen of World Tourism) කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නලීෂා භානු සමත් විය.

රටවල් 30ක තරගකාරියන් පරදා ඇය මෙම ජයග්‍රහණය ලැබුවා ය. 

මෙවර තරගාවලියේ අවසන් තරගය ඊයේ (දෙසැ. 28) පිලිපීනයේ, මැනිලාහිදී පැවැත් වුණු අතර එහිදී දෙවන ස්ථානය ඉක්වදෝරයට සහ තෙවන ස්ථානය කැනඩාවට හිමි විය.

ලෝක සංචාරක රූ රැජිණ කිරුළට අමතරව 22 හැවිරිදි නලීෂා, Miss Popular සහ Miss Talent කාණ්ඩවලින් ද ජයග්‍රහණය කර තිබේ.

Related posts

Leave a Comment