හදිසි අනතුරු නිසා මිලියන 1.3ක ප්‍රමාණයක් වසරකට රෝහල්ගතවන බව හෙළි කෙරේ!

මෙරට සිදුවන හදිසි අනතුරුවලින් දළ වශයෙන් මිලියන 1.3ක ප්‍රමාණයක් වසරකට රෝහල්ගතවන බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසයි.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ අද(29) දහවල් අනතුරුවලින් තොර සුරක්ෂිත වසරක් මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කශේරුව හා පිටකොන්ද සම්බන්ධව අනතුරු සිදුවූ පුද්ගලයන්ට කොවිඩ් 19 රෝගය වැළඳීමේ අවදානම වැඩි වශයෙන් පවතී.

කෙසේ වෙතත් මෙරටින් වාර්තාවන අනතුරු බහුල වශයෙන් වාර්තා වන්නේ නිවෙස් ආශ්‍රිතවය.

ඒ වැටීම්, සත්ත්ව සපා කෑම්, විදුලිසැර වැදීම්, පිළිස්සීම්, සත්ත්ව දෂ්ඨ කිරීම්, විෂවීම්, දියේ ගිලීම්, වැනි අනතුරුය.

මේ අනුව නේවාසිකව ප්‍රතිකාර ලබන සෑම 5දෙනෙකුගෙන්ම එක් අයෙකු හදිසි අනතුරකට ලක්වූ අයෙක් බව හඳුනා ගෙන තිබේ.

Related posts

Leave a Comment