ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසන අකාරයට කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු 03/16 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තිබේ.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මේ ආකාරයට විදේශ රටවල රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
මොවුන් වැඩි පිරිසක් කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටි කාන්තාවන් වූහ.
මෙම පැමිණි පිරිස රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන ගොස් තිබුණි.
රට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණෙයි
