ලෝකයේම වැඩි රැකියා අවස්ථා තියෙන්නේ උපාධිධාරීන්ට නොවෙයි.. වෘත්තීය පුහුණුව තිබෙන අයටයි

”ඔබ දන්නව ද අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම වැඩි රැකියා අවස්ථා තියෙන්නේ උපාධිධාරීන්ට නොවෙයි වෘත්තීය පුහුණුව තිබෙන අයටයි. මේ රටේ ගොඩක් කර්මාන්ත ශාලා හැදෙන කොට රැකියා අවස්ථා බිහිවෙනවා. ඒ අතර උපාධිධාරීන්ට රැකියා 10 ක් හැදෙනකොට යම්කිසි වෘත්තීය අධ්‍යාපනයක් ලබලා තියෙන දරුවන්ට රැකියා අවස්ථා දහස් ගණනක් ඇති වෙනවා.” යැයි නිපුනතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.

හැටන් තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෘත්තීය අධ්‍යාපනය සඳහා නවිකරණය කිරීම හා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සදහා ස්ථානයක් පරීක්ෂා කිරීමට පසුගියදා (14දා* සංචාරයකට පැමිණි අවස්ථාවේ හැටන් තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී අභ්‍යාසලාභින් අමතමින් රාජ්‍ය අමාත්‍යවරිය එසේ පැවසුවාය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරිය මෙසේ ද කිවාය.

නුවරඑළිය රෝහලේ සේවය කරන කාලයේ සිට ඔබේ ප‍්‍රදේශයේ ජීවන ගැටලූ, අධ්‍යාපන ගැටලූ සමාජ ගැටලූ හොඳටම අවබෝධ වන තැනක තමයි සේවය කළේ. මම වසර ගාණක් එහි සේවය කළා. ඒ නිසා මට ප‍්‍රදේශය පිළිබදව අවබෝධයක් තියෙනවා .ඒ අනුව මම එදා හඳුනාගත්ත ප‍්‍රධාන ගැටලූවක් තමයි මේ ප‍්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනික ගැටලූව. ඒ අධ්‍යාපන ගැටලූව සේවයක් කරන්න පුළුවන් තැනක හිඳිමින් මෙම ස්ථානයට එන්න ලැබීම ගැන සතුටු වෙනවා.

මම හිතන්නේ ශ‍්‍රී ලංකාවේ අපි රටක් විදියට හිතනවනම් මේ අපි හැමෝගෙම රට. අපි මොන ආගම ඇදහුවත්, මොන ජාතියේ වුණත්, මොන සංස්කෘතියට අයත් වුණත් ලෝකයේ කිසිදු රටක් ඔබට ඔබේ කියලා හ`දුන්වන්න බෑ. ඔබ ශ‍්‍රි ලාංකික පුරවැසියෙක්. ඒ නිසා මේ රටේ ඔබට හොඳ රැකියාවක් ලැබුණොත්, හොඳ ආරක්ෂාවක්, පිළි ගැනිමක් ලැබනවා.

ඒක තමයි ඔබටත් ඔබේ අනාගත දරුවන්ටත් හොඳ අනාගයක් හදාගන්න තියෙන හොඳම ක‍්‍රමය. බොහෝ විට මේ ප‍්‍රදේශය හඳුන්වන්නේ කඳුකරය, වතුකරය යනුවෙන්. ඒ වගේම ප‍්‍රදේශයේ අයත් හිතාගෙන ඉන්නේ තමන්ගේ දරුවන් තමන්ගේ පාරම්පරික රැකියාව, එහෙම නැත්නම් ඔවුන්ගේ වැඩිහිටි දරුවන් වගේ මෙතනින් එහාට ලෝකයක් දකින්නැතිව එක තැනම හිරවෙලා ඉන්න ඕන කියලා. එතනින් ඔබ්බට එන්න ඔබට හිමි අවස්ථා, රැකියා හඳුනා ගැනිමට නම් මේ හැමදේටම වැදගත් වන්නේ ඔබේ අධ්‍යපනයයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වුණත් නැතත් විශ්විද්‍යාල අධ්‍යාපනයට වැඩිය රැුකියා අවස්ථා තියෙන අංශයකට තමයි ඔබ අද යොමුවෙලා තියෙන්නේ. ඒ නිසා තමයි වර්තමාණ රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ වැඩි අවධානය යොමුවෙලා තියෙන්නේ වෘත්තිය පුහුණු අධ්‍යාපනය ලබාදීම සඳහා. ඒ නිසා ඔබේ අනාගතේ

රැකියා අවස්ථා සමහර දේවල් වලට විතරක් කොටුකර ගන්න එපා. ඔබේ වැඩිහිටි සහෝදර සහෝදරියන් කොළඹ ප‍්‍රදේශයට ගියාම වෙළෙඳ සලක සේවක සේවිකාවන් ලෙසින් පමණක් රැකියාවක නිරතවීමට උත්සහ කරනවා . ඔබ එහෙම කොටු වෙන්න ඕන නෑ. ඔබ උත්සහ කරන්න ඕන උසස් ජීවන මට්ටමක්, ඉහළ වැටුපක් ලැබෙන කාර්මික අංශයේ, කෘෂිකර්මාන්තයේ, ව්‍යාපාරික අංශයේ රැකියාවක නිරතවීමට. ඒ සඳහා ඔබට තියෙන හොඳම අවස්ථාව තමයි වෘත්තීය පුහුණුව. මෙහිදී රාජ්‍ය ඇමති ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රමේෂ්වරන් යන මහත්වරුන්ද අදහස් දැක්වූහ.
උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment